ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී
- RSL
- August 23, 2011
- Uncategorized
- India
- 0 Comments
අද (අගෝ. 23) ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව සාකච්ඡා කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව අද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් එක්ව සලකා බැලූ බව පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර සිටී.
ස්වදේශ කටයුතු ඇමති පී චිදම්බරම්, අධිකරණ ඇමති සල්මාන් කුර්ෂිඩ් සහ පුද්ගල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වී නාරායනසාමි ඊට එක්ව ඇත. අදාළ ගැටළුව සම්බන්ධයෙන් ඩිඑම්කේ පක්‍ෂ නායක ටීආර් බාලු අගෝස්තු 16 වැනිදා පාර්ලිමේන්තු විවාදයකට මුල පිරීය.
ඉන්පසුව සභාව කල්දැමූ නිසා නැවත වරක් අද ආරම්භ වන සැසියේදී ලාංකික දෙමළ ජනතාවගේ ගැටළුව නැවතත් සලකා බැලීමට නියමිතයි.