ජනාධිපති කියන කතාව පිළිගන්න බෑ; සිද්ධියෙන් පැය 48 ක් යනතුරු අගමැති හමුවෙන්න දුන්නෙ නෑ ..! ෆීල්ඩ් මාෂල්ගේ ඇස් අරවන ප්රකාශය(Video)
- RSL
- April 26, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Field Marshal Sarath Fonseka, Maithripala Sirisena, sarath fonseka
- 0 Comments
එල්ටීටීඊ ත්රස්තවාදයට මරාගෙන මැරෙන අවධියට එන්නට වසර 12 ක් පමණ ගත වූ නමුත් වත්මන් ත්රස්තවාදය ආරම්භ කර ඇත්තේම ඊටත් බොහෝ ඉදිරියෙන් බවත් මරාගෙන මැරෙන ත්රස්තවාදීන් තව 300ක් පමණ සිටන බව තමාගේ තක්සේරුව බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා(24) පාර්ලිමේන්තුවේ දී සියළු දේශපාලකයන්ගේ ඇස් අරවන කතාවක් කෙළේය.
‘ජනාධිපති මේ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ. පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි’ ෆොන්සේකා පැවසීය. මේ සිද්ධිය වෙලා පැය 48ක් යනකම් මට අගමැතිවරයා හම්බවෙන්න වෙලාවක් දුන්නෙ නෑ. මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. මම ෆීල්ඩ් මාර්ෂල් උනේ ගෝල්ෆේස් එකේ කඩල විකුණල නෙවෙයි. මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණ. මේ ආණ්ඩුවෙ ඉන්නවද මට වඩා කවුරුත් ආරක්ෂාව ගැන දන්න අය? ඉන්නවා නම් මේ ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න ලෑස්තියි. අපෙන් ප්රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි.” සරත් ෆොන්සේකා කීවේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අතිශය වැදගත් ප්රකාශය සම්පූර්ණයෙන් පහත දිගුවේ ඇති වීඩියෝවේ දැක්වේ .

