පාස්කු ඉරිදා ප්‍රහාරයේ අදිසි හස්තය සොයා අති විශේෂ පරීක්ෂණයක් සඳහා ජනපතිගෙන් විශේෂ කමිටුවක්
- RSL
- April 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
පාස්කු ඉරිදා වූ ඊයේ (21) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව සහ එය මෙහෙය වූ අදිසි හස්තය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතයි.

