පැවති රාජපක්ෂ රෙජීම පාලනසමයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවක හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ මිනීමැරුම් සහ ඝාතන අංශ ප්‍රධානියාව සිටි අමෙරිකානු පුරවැසිභාවය හිමි අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක විනිසුරුවරයෙකු විසින් නඩුවක් විවෘත කර ඇති බව බී.බී.සී. ලෝක සේවය පවසයි.
අමෙරිකානු ජාතිකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම යන චෝදනා මෙහිදී ගොනු කර තිබේ.
කෙසේ වෙතත් අදාල චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුලත පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාව අමෙරිකානු පුරවැසියෙකු ලෙස අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතාට පවතින බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසයි.
අධි ආරක්ෂක කලාපයක, මහ මග, මහ දවාලේ, දෙනෝදහක් ඉදිරියේදී ඝාතනය කළ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගයන්ගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් කැලිෆෝනියාවේ මධ්‍යම දිසා අධිකරණයේ පැවරූ නඩුව සම්පූර්ණයෙන් මෙහි දැක්වේ. මෙහි පිටු 37 කි.
රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කළ අනෙකුත් මාධ්‍යවේදීන් සැලසුම් සහගතව ඉලක්ක කළා සේම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ද ගෝඨාභය රාජපක්ෂ වගකිව යුුුුතු යැයි නඩුවේ පරිච්ඡේද 79 කින් චෝදනා ඉදිරිපත් කර තිබේ.
පැමිණිලිකාර අහිම්සා වෙනුවෙන් මේ නඩුව පවරන ලද්දේ පෝල් හොෆ්මාන් නීතිඥවරයා සහ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය හෙවත් Center for Justice and Accountability (CJA) සංවිධානයේ නුෂින් සර්කරාති නීතිඥවරයා විසිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වන අමෙරිකානු ජාතික ගෝඨාභයට මේ පිලිබඳ නොතීසිය නිල වශයෙන් බාර දී තිබේ. කැලිෆෝනියාවේ මොන්ට්රෝස් හිදී ඔහුගේ අතටම එය බාර දුන් බවට සාක්කි සපයන්නේ මින්ට්ස් සමූහයේ සහාය ලත් පුද්ගලික පරීක්ෂණ සමාගමක් වන අයිඩියල් ඉන්වෙස්ටිගේෂන් සමාගමයි.
ඇමරිකාවේ පවතින ‘වධබන්ධනයට ලක්වූ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත’ Torture Victim Protection Act (TVPA) සහ ‘විදේශීය වධකයන් පිළිබඳ ප්රඥප්තිය’ Alien Tort Statute (ATS) යන පණත් දෙක යටතේ ගෝඨාභයට එරෙහිව නඩු පවරා තිබේ. ඔ්නෑම රටක පුරවැසියෙකු මානව වර්ගයාට එරෙහි අපරාධ කර ඇත්නම්, වධ බන්ධන දීමට වග කිව යුතු නම්, යුද අපරාධ කර ඇත්නම්, නීතියට පිටින් ඝාතන සිදුකර ඇත්නම් ඇමරිකාව තුලදී නඩු පැවරිය හැකි මෙකී ATS ප්රඥප්තිය ඇමරිකාව තුල ක්‍රියාත්මක වන්නේ 1789 තරම් ඈත කාලයේ සිට බව දැන ගැනීම රාජපක්ෂ සනුහරයටම වැදගත් වනු ඇත.
ගෝඨාභය තමාගේ අතටම ලැබුණු නොතීසිය අනුව මෙකී නඩුකරයට උත්තර නොබඳින්නේ නම් ඔහු නොමැතිව වුව නඩුව විභාග වනු ඇත. මෙය අපරාධ නඩුවක් නොව සිවිල් නඩුවක් බැවින් ඔහුට සිර දඬුවම් නියම නොවනු ඇති නමුත් වන්දි මුදලක් ගෙවීමට නියම විය හැකිය. නමුත් ඒ සමගම ඔහු අපරාධයට වගකිව යුතු බව ඔප්පු වන බැවින් එය ලංකාවේ හෝ වෙනත් තැනෙක ඔහුට එරෙහි අපරාධ නඩුවක නඩු නිමිත්තක් වනු ඇත.
ගෝඨාභයට එරෙහිව අහිම්සාගේ නඩුව පවරන ලද CJA සංවිධානය මීට පෙර මේ හා සමාන නඩු රැසක් ඇමරිකාවේ පවරා ජයගෙන තිබේ. ඒවා චීනයේ, බොස්නියාවේ, චිලියේ, එල් සැල්වදෝරයේ, සෝමාලියාවේ ආදී රටවල මේ ආකාරයේම අපරාධ අරභයා පවරන ලද නඩුකරයන් ය.
කෙසේ වෙතත්, ලංකාවට පැමිණි ගෝඨාභය තමාට එරෙහිව නඩු පැවරීමට කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සම්බන්ධ යැයි කීවේය. ඇමරිකාවේ පුරවැසියෙකුට ඇමරිකාවේ නීතිය යටතේ ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරීමේදී ලංකාවේ කොන්සල් කාර්යාලයට කරන්නට ලබ්බක් නැති බව හෝ නොදන්නා මෝඩයා ලංකාවේ ජනාධිපතිවන්නට ද සිහින මැවීම කෙතරම් පිස්සුවක්ද?
https://s3.lankaenews.com/downloads/Ahimsa-against-Gotabhaya-4-4-19-FINAL.pdf