සරසවි ජීවිතයේ මතක අලුත් කරමින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් තිලංගට සමරු සම්මානයක්
- RSL
- April 7, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Thilanga Sumathipala
- 0 Comments
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උලෙළ පසුගිය 04 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ප්රමුඛ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ පශ්චාත් උපාධි ලැබූ විද්වතුන්ගේ හා ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ සභභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට සමරු සම්මානයක් ප්රදානය කිරීමද සිදුවිය. උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතාද විශ්වවිද්‍යාලයේම මුදලින් මෙවන් ශ්රවනාගාරයක් ඉදිකරලීමට සමත්වීම පිලිබඳව තමන් අතිශයින්ම සතුටු වන බව ප්‍රකාශ කර සිටියේ ය.


