විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇමති රවී පිට වරද පටවන්න කිසිසේත්ම බැහැ – විපක්ෂය කියයි (වීඩියෝ)

Spread the love

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඊයේ(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඇඟිල්ල දුගු කිරීමට විපක්ෂය විසින් සූදානම් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

මේ ආණ්ඩුව කිසිම සංවේදීකමක් නොමැති ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් අවසානයේදී රටම පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

RSL

Related Posts