යාපනයේ ධීවරයන්ට යළිත් අවසර පත‍්‍රයක්
- RSL
- August 23, 2011
- Uncategorized
- Jafna
- 0 Comments
ධීවර කටයුතු සඳහා අවසර පත‍්‍ර ලබා ගැනීම 2009 වසරේදී අහෝසි කිරීමෙන් පසුව දැන් නැවතත් එසේ
ධීවර කටයුතුවල යෙදීම සඳහා අවසර පත‍්‍රයක් ලබා ගැනීමට සිදුව ඇතැයි යාපන දිස්ත‍්‍රක්ක ධීවර සංගම් කියයි.
මෙම අවසරපත් ලබා ගැනීමට ධීවරයන්ට හමුදාව වෙත ඡායාරූප තුනක් ලබාදිය යුතු බව ද පැවසේ.
හමුදාව විසින් කුරුනගර් ධීවර සංවර්ධන සමිතියට පසුගිය 19 වැනිදා මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇතැයි ද වාර්තා වේ.
අදාළ මුහුදු කලාපයේ නාවික හමුදා ආරක්‍ෂක විධිවිධාන තර කිරීමට සැලැසුම්කර ඇති හෙයින් මෙම පියවර ගෙන ඇතැයි හමුදාව සඳහන් කරන බව ද පැවසේ.
මෙම ක‍්‍රමය යළි කි‍්‍රයාත්මක කිරීමෙන් ධීවර ජනයා අසරණවී ඇතැයි ද එය ඉවත් කර ඔවුන්ට වහා සහනය සලසන ලෙස ද ධීවර සමිති ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.