රනිල් හොරගල් අහුලමින් ජනාධිපති හීන දකිනවා – මහාචාර්ය විජේසුරිය ප්රසිද්ධ වේදිකාවේ රනිල්ට පහරදෙයි
- RSL
- March 14, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- Prof Sarath Wijesuriya
- 0 Comments
පොහොට්ටුව හා ශ්රීලනිපය අතර ඇතිවී තිබෙන බෙදීමෙන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්රමසිංහ මහතාද ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී.
ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්රතිඥා ලබාදී ඇතැයි ද තමන් උපකල්පනය කරන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.
රනිල් වික්රමසිංහ මහතා විධායක ජනාධිපති වුවහොත් මෙම ධුරය හෝ කෙතරම් දුෂ්ට පදවියක්දැයි තේරුම් ගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

