
විදුලිය ඉතිරි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි.
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,
” විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන යනවා. ඒ නිසා අපි තාප බලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. අපට හදිසි විදුලිබලය මිලදී ගැනීමට අවශ්‍යතාවක් හෝ විදුලි මිල වැඩි කරන්න අවශ්‍යතාවක් නැහැ.
ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි පාරිභෝගික ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමලා, විදුලිය ඉතිරි කරන්න කියලා.
මේ තුළින් දිනකට මෙගාවොට් 100 ක් පමණ ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න ඕන යුගයක් ඇවිත් තිබෙන්නේ. අපි කිසිසේත්ම විදුලි කප්පාදුවකට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය අපට ලබාදෙන්න.
මේ දිනවල ඉතා අධික විදුලි ඉල්ලුමක් තිබෙනවා. මේ තත්ත්වය තවත් මාස 1 ½ ක් පමණ ඉදිරියට පවතී කියලා හිතනවා. බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට ලැබෙන වැස්සත් මේ කාලයේ ඉතා අඩුයි.
නමුත් ජනතාවට අඛණ්ඩ විදුලි සේවයක් සපයන්න අපි අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. අපේ ලංවිම දක්ෂ ඉංජිනේරුවරුන් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලය එකතුවෙලා මේ තත්ත්වය සමබරව පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්නවා.
වසර 10 ක පමණ තිස්සේ, මේ රටේ විදුලි අවශ්‍යතාවන්ට සරිලන පරිදි විදුලි ජනන පද්ධතයක් ඉදිකරලා නැහැ. අපිට කරන්න පුළුවන් පොඩිම දේ තමයි, තමන්ගේ නිවසේ විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීම. ඒ තුළින් ජනතාවගේ ප්‍රශ්නයත්, රටේ ප්‍රශ්නයත් විසදෙනවා.“