ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්න යුනෙස්කෝ සංවිධානයට ජනපතිගෙන් යෝජනාවක්
- RSL
- March 13, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Buddhist, Buddhist Holy Book, President Maithripala Sirisena, UNESCO
- 0 Comments
ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් භාරදීමට නියමිතව තිබේ.
ලබන මාර්තු මස 23 වනදා ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ඒ නිමිත්තෙන් මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ ත්‍රිපිටකාභිනන්දන සතිය නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මෙම සතිය තුළ පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ බෞද්ධ වැඩසටහන් සහ උත්සව පැවැත්වීමට පියවර ගෙන ඇති බව සදහන්.
මාර්තු 23 වනදා ත්‍රෛනිකායික මහනා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ස්වාමින්වහන්සේලාගේ සහභාගීත්වයෙන් සහ ලෝකයේ අනෙකුත් බෞද්ධ රටවල නියෝජිතයන් ද සහිතව ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන ලෙස සිදු කරනු ලබන ඉල්ලීම ඇතුළත් යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානියා වෙත භාරදීමට නියමිතයි.

