ඇමති රාජිතට එරෙහිව ජනපති කොමිසමට පැමිණිලි ගලයි; තලතාටත් චෝදනාවක්

Spread the love

සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ.

මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත සේනාරත්න සෞඛ්‍යය අමාත්‍යධුරය අවභාවිතාකරමින් සිදුකළ දූෂණ-වංචා සම්බන්ධයෙන් ඊයේ ජනපති කොමිසමට පැමිණිලි ගොනු කර තිබේ. මීට අමතරව හිටපු විදේශ රැකියා අමාත්‍යවරිය වන තලතා අතුකෝරලට එරෙහිවද පැමිණිලක් ගොනුකර තිබේ.

බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක යන අය විසින් ඊයේ දිනයේ දී සිදු කර තිබේ.

එහිදී තලතා අතුකෝරල අමාත්‍යවරිය විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් කටයුතු කල වකවාණුවක් වන 2015 අගෝස්තු මස 26 වන දින සිට ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී එමඟින් සිදුවී ඇති රුපියල් මිලියන 1500 ක වංචාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

නීතිඥ තුෂාර දිසානායක සහ අමාත්‍ය රාජිත සේනාරත්නගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කරන ඖෂධ මාෆියාවක් පිළිබඳ කරුණු කොමිසම හමුවේ අනාවරණය කළේය.

RSL

Related Posts