රටේම මූල්‍ය වංචා ගැන බයිලා ගහන බන්ධුල, බැංකුවලට පොලු තබා කට්ටි පැන්න හැටි හෙළිවෙයි
- RSL
- February 27, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Bandula Gunawaradana, Bank Loans, Bank Robbery, Pan Asia Bank
- 0 Comments
රටේම මූල්‍ය වංචා සහ ආර්ථික බිඳවැටීම් ගැන මාධ්‍ය හමුවල මහා දේශන, තර්ක විතර්ක ගෙනහැර පාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාවක් සහ ණය මුදලක් නොගෙවා එම බැංකුවට පොලු තබා කට්ටි පැනමින් සිටින බව ඊයේ(26) අධිකරණය හමුවේ හෙළිදරව් විය.
බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාව සහ ණය මුදලක් නොගෙවුවහොත් ඔහුට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා ඊයේ(26) නියෝග කෙළේය.
මෙම නඩු විභාගයේ දී වානිජ මහාධිකරණ විනිසුරුවරයා ඇන්දවීමට ගිය බන්ධුල කියා සිටියේ තමා බැංකුවේදී ඇපකරයක් වශ්‍යයෙන් යම් ලේඛණයකට අත්සන් කළ නමුත් ඒ උකස්කරයක් බව දැන නොසිටි බවයි.
දිගු කලක් ඇසූ නඩුවේ තීන්දුව අද ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකාර බන්ධුල ගුණවර්ධන සාක්කි දෙමින් තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බව පැවසුවත් වානිජ්‍ය පිළිබඳ ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු ද, හිටපු මුදල් ඇමැතිවරයෙකුද වන බන්ධුල ගුණවර්ධන වැන්නකු නොදැන යම් ලේඛණයකට අත්සන් කළැයි කීම පිළිගත නොහැකි යයිද, ඔහු අත්සන් කර ඇත්තේ උකස්කරයකට බව හොදින්ම දැන අදාළ ලේඛණ වලට අත්සන් කොට ඇති බව පැහැදිලිව පෙනී යන බව ද කියමින් බැංකු අයිරාව හා ණය මුදල් නොගෙවුවහොත් ඒ වෙනුවෙන් ඇපයට තබා ඇති බන්ධුලට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස බැංකුවට නියෝග කළේය.
බන්ධුලට අයත් අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම විසින් අවස්ථා හතරකදී පෑන් ඒෂියා බැංකුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) ණය මුදලක් නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානය ඇපයට තබා ලබාගෙන එම ණය මුදල් හෝ ඊට අයවිය යුතු පොළී මුදල් නොගෙවා පැහැර හැරීම නිසා මුදල හා පොළිය අයකර ගැනීම සඳහා බැංකුවෙන් මෙම නඩුව පවරා තිබිණි.
කලකට පෙර රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි යයි කීවේ ද බන්ධුල ගුණවර්ධනම ය.

