එජාපයේ බලය අල්ලන, පාක්ෂිකයින් සහ රටේ ජනතාව ගොනාට අන්දවන සජිත්ගේ SPG 2020 මෙහෙයුම

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ 25 වසරක අඛණ්ඩ අසහාය නායක රනිල් වික්‍රමසිංහ සමඟින් ගරා වැටෙමින් පවතින එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ නායකත්වය වියැකෙන මොහොකදී සැනින් එහි බලය අල්ලාගැනීම සඳහා වන ඉතා කූට මෙහෙයුමක් එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.

දැඩි සුචරිතවාදියෙකු ලෙස මාධ්‍ය මඟින් තම ප්‍රතිරූපය පුම්බාගෙන සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තම අමාත්‍යධුරය අවභාවිතා කරමින් එම අමාත්‍යංශය හරහා සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය දින අනාවරණයන් රාශියක් සිදුවුණි.

අමාත්‍යංශය දේශපාලන මධ්‍යස්ථානයක් කරගෙන

අමාත්‍ය සජිත් ප්‍රේමදාස යටතේ ඇති නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය මේ වන විට තමාගේ මීලඟ දේශපාලන ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ දේශපාලන මධ්‍යස්ථානයක් කරගෙන ඇත. මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේම තමා වෙනුවෙන් කඩේ ගිය පවුල්වල පිරිස් දෛනික වැටුපට (රු.500) තම දේශපාලන ප්‍රචාරණ වැඩකටයුතුවලට යොදාගනිමින් ඔවුන්ට අමාත්‍යංශයේ මුදල්වලින් ඒ සඳහා ගෙවීම් සිදුකරන බවට වාර්තාවේ. මේ අනුව 2015 ජනවාරි 08 වැනිදා වන විට ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ 1387ක් වූ සම්පුර්ණ සේවක සංඛ්‍යාවට අද වන විට නව බදවා ගැනීම් 4600 ඉක්මවා ගොස් ඇත. එම නව බඳවාගැනීම් යටතේ බඳවාගෙන ඇති සියලුම දෙනා බාගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජිත්ගේ දේශපාලන හෙන්චයින්වේ. ඊට අමතරව සජිත් මෙම SPG2020 ප්‍රවර්ධන මෙහෙයුම සඳහා හම්බන්තොටින් බඳවා ගත් මෙම පිරිස් දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදවා ඇති බවට අනාවරණය වේ. එසේම 2015 දී 76 දෙනෙකු වූ කාර්යමණ්ඩලය මේ වන විට 1831 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව දුප්පතාගේ දුක හඳුනනවා යැයි කියන සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික දේශපාලන ඉලක්කයට අදාළව කඩේ යන පිරිස් වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන ගණනන් වලින් ගෙවන වැටුප් බැරවන්නේ මේ පොදු මහජනතාවගේ බදු බරට බව පැහැදිලිය.

පක්ෂයේ නායකත්වය අල්ලන්න යන සජිත්ගේ SPG2020 (Sajith Premadasa Generation) මෙහෙයුම

නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය යටතේ වූ 2000 කට ආසන්න පිරිසකට රජයෙන් පඩි ගෙවමින් සජිත් ප්‍රේමදාස රටේ නායකත්වය ගන්නා මුවාවෙන් මේ සිදුකරන්නේ පක්ෂයේ නායකත්වයත්, ජාතික නායකත්වය ගොඩනඟා ගැනීමේ මෙහෙයුමකි. වත්මන් නායක රනිල්ගෙන් පසුව හෝ තමන්ට පහසුවෙන් එජාපයේ නායකත්වය හිමි නොවන බව දන්නා සජිත් ඒ සඳහා වන රටේ ජනමතය සමඟ වන තම සේනාව නිර්මාණය කරන්නේ මෙම SPG2020 ව්‍යාපෘතිය හරහාය. දේශපාලනිකව ගත්කළ සජිත් ප්‍රේමදාස නම් එජාප නියෝජ්‍ය නායකයා තම අනාගත දේශපාලන ඉලක්කය වෙනුවෙන් සිදුකරන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපට කිසිඳු ගැටලුවක් නැත. අපට ඇති ගැටලුව නම් සජිත් ප්‍රේමදාස තම පෞද්ගලික දේශපාලන ඉලක්කය වෙත යන ව්‍යාපෘතියේ තම අනුගාමිකයින් වෙනුවෙන් යොදාගන්නේත්, ඔහුන්ට වැටුප්, දීමනා ගෙවීමට යොදාගන්නේත් තම පෞද්ගලික වත්කම් හෝ බූදලෙන් නොව රටේ මහජනතාවගේ බදු ඇතුළු මහජන මුදල්වීමයි.

එසේම සජිත් නායකත්වය ගෙන එන මෙම ව්‍යාපෘතියේ මාධ්‍ය අංශ විසින් සජිත්ට අභියෝගයක් වන වත්මන් නායක රනිල් වික්‍රමසිංහ සමඟ සිටින එම පක්ෂයේම අනෙකුත් නායකයින්ට එරෙහිව මඩ ප්‍රචාරක මෙහෙයුම්ද සිදුකරගෙන යනු ලබයි.

තම දේශපාලන බලලෝභීත්වය වෙනුවෙන් අසරණ දුප්පත් මිනිසුන් විකුණාගෙන කෑම

ව්‍යාපෘතිය හරහා සජිත්ගේ දේශපාලන ඉලක්කය සාක්ෂාත් කරගැනීම සහ ප්‍රචාරණය සඳහා ඇතැම් විට යොදාගෙන තිබෙන්නේ අසරණකමට ලෙඩ ඇඳේ සිටින දුප්පත් මිනිසුන්වය. මහජන මුදල් අවභාවිතාකරමින් තම දේශපාලන ව්‍යාපෘති සිදුකරන කණ්ඩායමක් ඔවුන්ට පිහිට වන මුවාවෙන් දුප්පත්කම අසරණකම විකිණීම ඉතා පහත් කටයුත්තකි. තම පියාගේ ප්‍රතිරූපයට මුවාවෙමින් පැමිණෙන සජිත් “උදාගම්” කියමින් පෙට්ටි ගෙවල් 25ක් සාදා එම ගෙවල් 25න් 20ක් තම දේශපාලන හෙන්චයින්ට ලබාදෙමින් ඒවා විවෘත කිරීම සඳහා මිලියන ගණන් මහජන මුදල් අවභාවිතා කරන බව කියන්නේ නිවස සංවර්ධන අධිකාරියේම ප්‍රධානීන්ය.

එසේම ජනතාව නොමිලේ නිවාස දෙනවායැයි කියමින් ගසන කෙබරය හරහා සජිත්ගේ තවත් විශාල ජාවාරමක් සිදුවන බවට නිවාස සංවර්ධන අධිකාරියේම නියෝජ්‍ය සාමාන්‍යධීකාරී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පසුගියදා අනාවරණය කර සිටියේය.

RSL

Related Posts