කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයෙන් මිලියන 1100 ක හෙරෝයින් ඇල්ලු මෙහෙයුම
- RSL
- January 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Drugs, Heroin, President Maithripala Sirisena, Sri Lanka Police
- 0 Comments
රුපියල් මිලියන 1100 කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 95 කට වැඩි හොරොයින් මත්කුඩු තොගයක් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය.
කොල්ලුපිටියේ පිහිටි මෙම සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(22) විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණි.
හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා අතර 29 හැවිරිදි හා 43 හැවිරිදි අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙක්,45 හැවිරිදි ඇෆ්ඝනිස්ථාන ජාතිකයෙකු සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වෙයි.
මෙම හෙරොයින් තොගය අද සොයාගැනුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයී.
ඒ අනුව අද පෙරවරුවේ කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට පිවිසෙන දොරටුවක් අසලදී හෙරොයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 62 ක් සන්තකයේ තබාගෙන සිටි 29 හැවිරිදි අමෙරිකානු ජාතිකයාත්,එම හෙරොයින් ලබාගැනීමට පැමිණි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාත් පළමුව අත්අඩංගුවට පත්විය.
එහිදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා පැමිණ සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව අත්අඩංගුවට පත් අමෙරිකානු ජාතිකයා පරීක්ෂාවට ලක්කිරීමේදී කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක නම සඳහන් යතුරක් ඔහුගේ කලිසම් සාක්කුවක තිබී හමුවී ඇති අතර ඒ හරහා මෙම නිවාස සංකීර්ණය පරීක්ෂා කිරීමේදී සම්පූර්ණ හෙරොයින් තොගය හමුවිය.
මෙලෙස සොයාගත් හෙරොයින් තොගය පාර්සල් 92 ක අසුරා තිබූ අතර ප්‍රමාණයෙන් කිලෝග්‍රෑම් 95 යි ග්‍රෑම් 88 ක් වෙයි.

