කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.
එහි වැඩ ප්‍රමාද වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි ඇතැමුන් කකුලෙන් ඇදි නිසා බවත්, මේ වන විට මෙම කර්මාන්තශාලාවේ අවසන් වැඩ කටයුතු ජර්මනියේදී සිදු කරමින් ඇති බවත් එය නැවු මගින් ගෙන්වා ඉතා කෙටි කාලයක් තුල සවි කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කලේ එක්සත් ජාතික පක්ෂයේ ජනහමුවක් අමතමිනි.