මහින්ද රකින මෛත්රීට එරෙහිව ශ්රීලනිපයෙන් නඩු දමයි!
- RSL
- December 31, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, Maithripala Sirisena, SLFP
- 0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයේ සිටියදී වෙනත් පක්ෂයක් වන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසගේ මන්ත්රීධූරයන් අහෝසි කිරීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන පක්ෂ නායකයා ලෙස අදාල පියවර නොගන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තීරණය කර ඇත.
කතානායකවරයාට ලිපියක් ලියමින් එම සංවිධානයේ කැඳවුම්කරු ඩිලංග වීරකෝන් මහතා මේ බව කියා සිටී.
එම සංවිධානය කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ විපක්ෂ නායක ලෙස කුමාර වෙල්ගම මහතා පත් කර මහින්ද රාජපක්ෂ මහතා ඉන් ඉවත් කරන ලෙසයි.

