රනිල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ; රට බෙදන ව්‍යාවස්ථාව ගේන්නයි දැන් සැලැස්ම

Spread the love

රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ අවස්ථාවේ අගමැති ධුරය දෙන්න ඕනේ කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් කවදාවත් එතුමා මැරෙනකල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්නෙත් නැහැ. රටට කරන විනාශය නතර කරන්නෙත් නැහැ. බලය නැති වෙනකොට කියන්නේ එකක්. බලය ලබා ගත්තාම එතුමාගේ සුපුරුදු ඒකාධිපති හා ජනතාව රවටන ක්‍රියා කලාපය දිගින් දිගටම ගෙනියනවා.

පසුගියදා (21) නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ මාධ්‍ය හමුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා කිසිදු ලෙසකින් කුමන්ත්‍රණ සිදුකර බලයට නොපැමිණි බවත් බලහත්කාරයෙන් බලය අල්ලා ගැනීමේ වුවමනාව ඇත්තේ එජාපයට බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් ජනතාවට තෙල් මිල අඩුකර සහන ලබා දෙන්න පියවර ගත්තා. අද තවත් තෙල් මිල අඩු කරලා තියෙනවා.හරි නම් රුපියල් 14කින් තෙල් මිල අඩු විය යුතුයි. සැබැවින්ම ජනතාවට දිය හැකි සහනය ජනතාවට දෙන්න.

රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ අවස්ථාවේ අගමැති ධුරය දෙන්න ඕනේ කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් කවදාවත් එතුමා මැරෙනකල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්නෙත් නැහැ. රටට කරන විනාශය නතර කරන්නෙත් නැහැ. බලය නැති වෙනකොට කියන්නේ එකක්. බලය ලබා ගත්තාම එතුමාගේ සුපුරුදු ඒකාධිපති හා ජනතාව රවටන ක්‍රියා කලාපය දිගින් දිගටම ගෙනියනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරයා හරහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක් තියෙන බවත් අපිට වාර්තා වෙනවා. මේ රටේ තියෙන අර්බුද මදිවට තවත් ඇමැතිවරු අවශ්‍යද? කුමන්ත්‍රණය පරාජය කරලා නැවත රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආපු බවක් එජාප මන්ත්‍රිවරුන් මාධ්‍ය හමු පවත්වනවා. කුමන්ත්‍රණයක් වුණා නම් අගමැති හා කැබිනට් මණ්ඩලය අලුතින් දිවුරුම් දීමේ අවශ්‍යතාවක් නැහැ. අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා කුමන්ත්‍රණකාරීව මහින්ද රාජපක්ෂ මහතා බලයට ආවේ නැහැ. බලය බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ වුවමනාව තිබුණේ එක්සත් ජාතික පක්ෂයට.

පෙබරවාරි වෙනකොට අලුත් ව්‍යවස්ථාව ගේන බව කියලා තියෙනවා. මේ ව්‍යවස්ථාව ගෙන ඒමේ අරමුණින් ව්‍යවස්ථාවට අවශ්‍ය කොන්දේසි සපුරන නිසයි අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වී සිටින්නේ. රට බෙදන ජාතීන් අතර අසමගිය ඇති කරන ජාතීන් අතර භේද ඇති කරන ව්‍යවස්ථාව ගේන ඒමට ආණ්ඩුව කරන සියලු කුමන්ත්‍රණයන් අපි පරාජය කරනවා.

RSL

Related Posts