රනිල්ගේ නායකත්වයෙන් නව පුළුල් සන්ධානයක්! (Video)
- RSL
- December 18, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Ranil Wickeramasinghe, UNP
- 0 Comments
“ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ” නමින් නව පුළුල් සන්ධානයක් පිහිටුවන බවත් එය ඉදිරියේදී ලියාපදිංචි කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඊයේ(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ “යුක්තියේ ජයග්‍රහණය” ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී පැවත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට තුනේ දෙකක බහුතර බලයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
මේ අතර කුමණ කාලයක් තුළදී මැතිවරණයක් අවශ්‍යද යන්න සියලුම පක්ෂවලින් විමසීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
එමෙන්න එක්සත් ජාතික පක්ෂයේ තිබු සියළු අඩුපාඩුකම් හඳුනාගෙන එම අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අග්‍රාමත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.
සවස 3.00 පමණ රැලිය ආරම්භ වූ අතර ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට අනුබද්ධ පක්ෂවල නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

