රනිල් ගත් තීන්දුවට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට
- RSL
- December 3, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, Mahinda Rajapaksa, Prime Minister Mahinda Rajapaksa, Ranil Wickeramasinghe
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට තමා එකඟ නොවන බවත් ඊට එරෙහිව හෙට(04) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් අභියානාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයකට ලක් කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී සිට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එම නිවේදනය පහතින් දැක්වෙයි.


