PMB රයිස් වෙළඳපොළට
- RSL
- November 29, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- PMB Rice
- 0 Comments
වී අලෙවි මණ්ඩලය පළමු වතාවට සහල් වෙළෙඳපොළට අවතීර්ණ වෙමින් සිය මුල් සහල් නිෂ්පාදන තොගය වෙළෙඳපොළට නිකුත් කිරීම අද(29) නිල වශයෙන් සිදුකෙරුණි.
එය සංකේතවත් කරමින් ‘පී.එම්.බී.රයිස්’ වෙළෙඳනාමය යටතේ එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිළිගැන්වුණේ ජනාධිපති කාර්යාලයේදීය.
ඉහළ ප්‍රමිතියෙන් යුත් සහල් රට පුරා පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
වෙළෙඳපොළේ සහල් මිල පාලනය ද මෙහි තවත් අරමුණක් බව වාර්තා වෙයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධක සංගම් මඟින් ජනතාවට මෙම පී.එම්.බී. සහල් නිෂ්පාදන ඉදිරියේදී ලබා ගත හැකි බවත්, රටේ සහල් අවශ්‍යතාව අනුව සාධාරණ මිලකට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

