කළ පව් තනියම කරගහන්න බැහැ; ජනපතිටත් කොටහ අරගන්න එජාපයෙන් එන්න කියයි
- RSL
- November 26, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, President Maithripala Sirisena, United National Party, UNP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දැරූ පසුගිය වසර තුනහාමාරක කාල සීමාව තුළ දූෂණ වංචා සිදුවී ඇත්නම් ජනාධිපතිවරයාටද එම දෝෂාරෝපණය සමසේ එල්ල වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද(26) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට 2018 ඔක්තෝම්බර් දක්වා කාලවකවානුව තුළ පැවති ආණ්ඩු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්’ ලෙස හැඳින්විය නොහැකි බවයි.
ජාතික ආණ්ඩුවේ ප්‍රධානත්වය ඉසිලූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍යෙය් ප්‍රධානියා පමණක් නොව ආණ්ඩුවේද ප්‍රධානියා වන අතර සියලු තීරණ ගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
ජනාධිපතිවරයා පවසන ආකාරයට පසුගිය වසර තුන හමාරක කාල සීමාව තුළ දූෂණ වංචා සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ජනාධිපතිවරයාටද සමසේ එල්ල වන බව එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා සිය නිවේදනයෙන් පවසයි.

