කරු අදත් පාර්ලිමේන්තුවට ගිනි අවුලුවයි..!

Spread the love

තේරීම් කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයට හිමිවිය යුතු බහුතරය ලබාදීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය විසින් ඉඩ ලබා නොදීම තුළ අදත්(23) පාර්ලිමේන්තුව තුල විශාල ගැටුමක් ඇතිවීමේ ප්‍රවනතාවය එජාපයේ කිහිලි කරුවක් මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කම්-කරු වෙකු බවට පත්ව ඇති කථානායක කරු ජයසුරිය විසින් උත්සහා ගන්නා බවට පාර්ලිමේන්තුවෙන් වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක් සිටියදී 2015 වසරේදී එජාපය ආණ්ඩුව ලෙස පිළිගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තේරීම් කාරක සභා සඳහා වැඩි එජාප මන්ත්‍රීවරුන් පිරිසක් තේරීම් කාරක සභා සඳහා පත්කර ගැනීමේ අවස්ථාව එදා පාර්ලීමින්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් ලබාදුන්ද අද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තු කටයුතු හිතා මතා අවුල් කරමින් රට ගිනි ජාලාවක් කිරීමට උත්සහා ගන්නා බවට වාර්තාවේ.