අදත් 01ට කරූගේ පාර්ලිමේන්තුව සූදානම්! අද මහජන ප්‍රදර්ශන ගැලරිය වසා දමයි
- RSL
- November 19, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya, Parliament
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරිය විසින් සතියේ දිනවල කැඳවමින් මෙහෙය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(19) පස්වරු 01.00ට දියවන්නාවේදී රැස්වීමට නියමිතව ඇත.
අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වෙයි. සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වුවත් අද දිනයේ දී එය මෙලෙස සීමා කර තිබේ.
ඒ අනුව අද පාර්ලිමේන්තු ගැලරිය විවෘත වන්නේ මාධ්‍ය සඳහා පමණක් වන බව පාර්ලිමේන්තුවේ නිලධාරීන් පවසයි.
වර්තමාන අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අද(19) සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
එසේම මේ වන විට පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල් ලා පොලිස් ආරක්ෂාව තර කර ඇත.
