ජනපති, අගමැති, විපක්ෂ නායක එක්ව දීපාවලී සමරති
- RSL
- November 6, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Deepawali, Opposition Leader R Sambanddan, President Maithripala Sirisena, Prime Minister Mahinda Rajapaksa, R Sambandan
- 0 Comments

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේදී ඊයේ(05) රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් එක්ව සිටියහ.
රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවත්, රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජාතින් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත්විය යුතු බව ද කියා සිටියේ ය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනය බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් ද, හින්දු බැතිමතුන් විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.


