ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ වනවිටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන ඇමතිවරුන් අද(19) මාධ්‍යට ප්‍රකාශ කළේය.
මේ වන විට ඉතා සුක්ෂම සහ නින්දිත අයුරින් ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයවලුන්ට කුප්‍රකට පින්සිරි මංගල විසින් මඩ ප්‍රහාර එල්ල කරන බවට වාර්තාවේ. එහිම තවත් දේශපාලන දිගුවක් ලෙස අද පැවති මෙම මාධ්‍ය හමුවේදී මංගල විසින් ඔවුන්ගේ 19 වන ආණ්ඩු ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපතිධුරය කොයිතරම් නම් කප්පාදුවට ලක්කර ජනාධිපතිධුරය, අගමැතිගේ සහ කැබිනට්ටුවේ රූකඩයක්ද යන්නත් ඊට ගොදුරු වූ වත්මන් ජනාධිපති සිරිසේන මේ වන විට ඔවුන්ගේ කෝචොක් වලට ලක්වෙමින් සිටින අයුරුත් නොකියා කීවේය.
අදාළ ආයතනවලට එල්ල වී ඇති දූෂණ චෝදනා සැළකිල්ලට ගනිමින් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව මෙම ආයතනයවල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා දැනුම් දුන් බව වාර්තා විය.
ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව සහ ලංකා බැංකුව යන ආයතනවල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ විෂයභාර අමාත්‍යවරුන්ට පසුගිය බදාදා උපදෙස් ලබා දී තිබූ බව වාර්තා වුණි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ ආයතනවලට එල්ල වී ඇති දූෂණ චෝදනා සැළකිල්ලට ගනිමින් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් බව වර්තා වෙයි.
ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ආයතන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ ද, ලංකා ආයෝජන මණ්ඩලය , සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යටතේද පවතියි.
මේ අතර රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාතයාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මාධ්‍ය නිවේදනක් හරහා පවසා තිබුණේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලවල නිල කාලය අවසන් වී ඇති බැවින් එම අධ්යක්ෂ මණ්ඩල අලුතින් පත්කරන ලෙස ජනාධිපතිවරයා එම ආයතන බාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්,
“ලංකා බැංකුව සහ මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රටේ වැදගත් සිංහල පුවත්පතක ලංකා බැංකුවෙත්, මහජන බැංකුවේත් අධ්යක්ෂ මණ්ඩල ජනාධිපතිතුමා විසුරුවා හැරලා කියලා ප්‍රවෘත්තියක් පල වුනා. ඒ අමූලික බොරුවක්. අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. ජනාධිපතිතුමා මගෙන් ලිඛිතව ඉල්ලීමක් කලා, මට තියෙන අමාත්‍ය බලය පාවිච්චි කරලා මේ බැංකු දෙකේ අධ්යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන්න කියලා. අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැහැ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා එතුමාගේ නිර්දේශ නම් ලබා දෙන්න කියලා. ඒ අනුව කලබලයකින් තොරව ලබන සතිය තුල සුදුසු නිළධාරීන් පිරිසක් මේ සඳහා තෝරාගමු කියලා. රටේ ප්‍රධානම බැංකු දෙකේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරියා කිව්වම ජාත්‍යන්තරයට යන පණිවුඩය මොකක්ද? මේ බැංකු බංකොලොත් කියල. සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්රවෘත්ති පලකිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මේවගෙන් රටේ ආර්ථීකයටත් අහිතකර බලපෑම් වෙනවා. එහෙම කරන අය ජාති ද්‍රොහීන්. රට ගැන හිතල කටයතු කරන්න කියල ඒ අයගෙන් මම ඉල්ලනවා.”
ඡායාරූපය: ඩේලිමිරර්