නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි
- RSL
- October 12, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා අද (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් එම ධූරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා පත් කරනු ලැබීය.
මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබු නලින් පෙරේරා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය.

