“මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි
- RSL
- October 8, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, Maithripala Sirisena, S B Dissanayake, SLFP, SLPP, wimal weerawansa
- 0 Comments
වත්මන් “මෛත්‍රී-රනිල්” ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට වසරක පමණ කාලයක් ඉතිරිව තිබියදී “මෛත්‍රී-මහින්ද” සුසංයෝගයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා සිදුවන බවට සඳහන් වූ මාධ්‍ය වාර්තාවේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ(07) මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම 16 කල්ලියේ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී.දිසානායකගේ නිවසේ පැවති බව සඳහන් වූ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අද (08) හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත නිවේදනය කරමින් පවසා ඇත්තේ, එවැනි කිසිඳු දේශපාලන සාකච්ඡාවක් සිදු නොවු බවත්, රාත්‍රී භෝජන සංග්‍රහයක් පමණක් පැවති බවත්ය.
එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බව පවසන මන්ත්‍රිවරයා, පැමිණ සිටි අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ රටේ ආර්ථික අර්බුදය හා අනාරක්ෂිත බව පිළිබඳ සාමාන්‍ය කතාබහක් පමණක් පැවැති බව සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.
එහෙත් මේ වන විට ඇමතිකමක් හෝ එහෙම සැපක් නැති මානසික ව්‍යාධියකින් පෙළෙන විමල් වීරවංශ රට වටේ පවසමින් යන්නේ, මෛත්‍රීපාල සිරිසේන යළි ජනපති කිරීමට එකඟව ගිලෙන නැවට පැන හෝ ආණ්ඩු බලයක් බලා ගන්නා බවකි.

