ජනපති හදිසියේම කැබිනට්ටුව කැඳවයි; පැමිණීම අනිවාර්යය කරයි!
- RSL
- September 13, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Cabinet, government, Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(13) කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බවට වාර්තාවේ.
සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් හමුව කැඳවා ඇති බවද වාර්තා වේ.
ඊයේ (12) පස්වරුව වන විට කැබිනට් ඇමැතිවරුන්ට මෙම පණිවුඩය දැනුම් දී ඇති අතර, මේ සඳහා පැමිණීම අනිවාර්ය කර ඇත.
පාර්ලිමේන්තු සතියක් නොවන නිසා ඇතැම් ඇමැතිවරුන් සිය ගම්බිම් බලා උත්සව සඳහා පිටත්ව ගොස් තිබූ අතර, ඔවුන් සියලු දෙනාද අද (13) පෙරවරුව වන විට කොළඹට පැමිණීමට නියමිතය.

