මංගලගේ සූත්‍රයේ මාසික-සුද්දිය ඊයේ රෑ වෙලා; පෙට්‍රල් සහ ඩීසල් යළි ඉහළට
- RSL
- September 11, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- Fuel Price, Mangala Samaraweera
- 0 Comments
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉන්ධන සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මාසික යාවත්කාලීන කිරීම ඊයේ(10) රාත්‍රියේ සිදුකොට ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.
වත්මන් මුදල් අමාත්‍යවරයා යටතේ දිනෙන් දින රුපියල අවප්‍රමාණය වෙමින් ඩොලරය ඉහළ යන අතර ඊට සාපේක්ෂව සියලු පාරිභෝගික භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය සේවා මිලගණන්ද දිනෙන් දින ඉහළ යමින් පවතී.

