
වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සකසා ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුව විසින්ම පරාජයට පත්කර ගත්තේය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පරාජය ව තිබේ.
පක්ෂව ඡන්ද කිසිවක් හිමි නොවු අතර විපක්ෂව ඡන්ද 139 ක් හිමිවිය.
මෙහි අනෙක් හාස්‍ය ජනක කරුණ නම් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුකළ මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ හිටපු පළාත් පාලන අමාත්‍යවරයා වන ෆයිසර් මුස්තාපා පවා මීට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමයි.
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කළ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් වූහ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වූ පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රජය විසින් විශාල පරිශ්‍රමයක් සහ මුදල් ප්‍රමාණයක් වැය කළ බවත් පෙනුනද අවසානයේ රජය විසින්ම ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම ‘නටපු නැටුමකුත් නැහැ; බෙරේ පලුවකුත් නැහැ’ යන ප්රස්ථා පිරුල කියාපායි.