නිදහස් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසි රටට හිතකර වෙන්න අවශ්‍යයි – හිටපු ජනපති
- RSL
- August 15, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Former President Mahinda Rajapaksa, Free Trade Agreements, Mahinda Rajapaksa
- 0 Comments
නිදහස් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසි අනාගත පරම්පරාවට බලපාන නිසා හොඳම කොන්දේසි ලබා ගැනීම සියලු දෙනාගේම වගකීමක් යැයි හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (13දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාර පාසලේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්ය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ජීවිත විශ්වවිද්‍යාලයේදී පොතපතින් පමණක් ඉගෙන ගැනීම කියන්නේ සියල්ල සම්පූර්ණ වුණා කියන එක නෙවෙයි. පොතපතින් ඉගෙන ගන්නා දෙය මතකයේ රඳවා ගැනීම, විභාගවලදී ප්‍රගුණ කිරීමට ප්‍රමාණවත්. ඒත් එය ජීවිතය ප්‍රගුණ කිරීම නෙවෙයි.
ගුණදහම් වර්ධනය කිරීමත් ස්වාධීනව හා නිර්භයව සිතීමත් වඩාත් වැදගත්. පවතින තත්ත්වය විවේචනය කිරීමට ඔබට ධෛර්යයක් තිබිය යුතුයි.
යමක් පිළිබඳ සාරධර්ම පිරි තක්සේරුවක් හා හැඟීම් පැවැසීම තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍යයි. මානව වාර්ගය පිළිබඳ දයානුකම්පාව ඔබේ හැඟීම් අතරින් අහිමි කර ගත යුතු නැහැ. එමෙන්ම ඒවා වගාකර ගත යුතුයි.
ඕනෑම ක්ෂේත්‍රයක් තුළ අප ලබා ගන්නා කණ්ඩායම් හැඟීම සහ සහෝදරත්වය ප්‍රයෝජනයට ගෙන සමාජ සාධාරණත්වය සඳහා කටයුතු කළ යුතුයි. රටේ පුරවැසියන් ලෙස ඔබ පාරිශුද්ධ වගකීම් ඉටු කිරීමට බැඳී සිටිනවා. වෘත්තිකයන් ලෙස කටයුතු කරන රටේ ජාතික අවශ්‍යතාවට සුදුසු මට්ටමකින් විශේෂතා ලබා සිටීම වැදගත් බවයි මා සිතන්නේ.
නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන, ඒවායේ සුදුසුකම් හා අඩුපාඩු පිළිබඳ මෑත කාලයේදී දැඩි ලෙස සාකච්ඡාවට ලක්වී තිබෙනවා. මේ ගිවිසුම්වල කොන්දේසි සකස් කිරීමේදී මෙරට විශේෂඥයන්ට සවන් දීම ඉතා වැදගත්.
නිසි ප්‍රතිපත්ති රාමුවක් නොමැතිව සමාන අවස්ථා ලබා ගැනීමක් නොමැතිව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම ඉතා අහිතකරයි. අහිතකර ප්‍රතිපත්ති සකස් කිරීමේදී උගත් තරුණ ප්‍රජාව ඊට කැමැත්තක් නොදක්වන බව මම දන්නවා.

