වත්මන් ආණ්ඩුව රට විකුණමින් ඒකාධිපතීත්වයකට ගමන් කරනවා – හිටපු ජනපති මහින්ද (වීඩියෝ)
- RSL
- August 3, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Mahinda Rajapaksa
- 0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන වලින් සැදුම්ලත් “ජනබල සේනා” සංවිධානයේ උද්ඝෝෂණයක් හා ජනරැළියක් ඊයේ (02) කොළඹදී පැවැත්විණි.
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජනබල සේනා’ උද්ඝෝෂණය ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ කොළඹ ලිප්ටන් වටරවුම අසලදීයී.
බැඳුම්කර කොල්ලය, රණවිරු දඩයම, ජාතික සම්පත් විකිණීම, සිංගප්පූරු ගිවිසුම, ජීවන බර හා බදු බර ඉහළ යෑම, රට බෙදීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ සිටින චන්දිම වීරක්කොඩි,ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න හා අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් ද මේ සඳහා එක්ව සිටියේය.
ලිප්ටන් වටරවුම අසල සිට පාගමනින් විහාරමහා දේවි උද්‍යානය දක්වා පැමිණි පිරිස එහි එළිමහන් රංග පීඨයේදී රට වනසන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු යන තේමාවෙන් සංවිධාන කළ ජනරැළියට ද සහභාගි විණි.
මෙහිදී අදහස් දැක්වූ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ 15 දෙනෙකු ස්ථිර වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටින බවයි.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව මේ රටෙහි අනාගත පරපුරට තිබෙන භූමිය විදේශිකයන්ට විකුණා දැමීමට සූදානම් වන බවත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව ඒකාධිපතීත්වයකට ගමන් කරමින් සිටින බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

