“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

Spread the love

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත
ක්‍රියාත්මක රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුතු ව්‍යාපෘති රැසක් හෙට (අගෝස්තු 01 වනදා)ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

බකමූණ රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, මැදිගිරිය බස්නැවතුම්පොල විවෘත කිරීම, දිවුලම්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරිම, මැදිරිගිරිය වාරි කළමණාකරණ ඒකකය විවෘත කිරීම, මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකිරීම් විවෘත කිරීම, හතරැස් කොටුව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ නගර සංවර්ධන කටයුතු විවෘත කිරිම ඇතුලු තවත් සංවර්ධන කටයුතු විවෘත කිරීමට මෙලෙස කටයුතු යොදා ඇත.