මේක නපුංසක ආණ්ඩුවක්; නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ – නි.ඇමති තෙවරප්පෙරුම කියයි (Video)
- RSL
- July 17, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- palitha thewarapperuma
- 0 Comments
වත්මන් ආණ්ඩුව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති නපුංසක ආණ්ඩුවක් බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි.
රටේ නීතිය ගැන කිසිදු පැහැදීමක් තමාට නොමැති බවත්, පොලීසියට අද වන විට රට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය.
හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරගෙන යනු ලබන නීති විරෝධී දඩමස් ජාවාරමක් වැටලීමට ඊයේ(16) සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයේ සිටින ගෝනුන්,මුවන්,ඉත්තෑවන් සහ වල් ඌරන් වැනි සතුන් ජලය පානය කිරීම සඳහා පැමිණෙන දිවුලපෑලැස්ස වැව ආශ්‍රිත දිය කඩිතිවලට වස මිශ්‍ර කර වන සතුන් ඝාතනය කරන බවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට තොරතුරක් ලැබී තිබුණි.
ඊයේ අලුයම නියෝජ්‍ය අමාත්‍යවරයා වනජීවී නිලධාරීන්ද සමඟ අදාළ ප්‍රෙද්ශයේ වැටලීමක් සිදු කළේ ඒ අනුවයි.
අදාළ දිය කඩිති ආශ්‍රිතව වස මිශ්‍රිත ජලය පානය කර මියගොස් සිටින වන සතුන්ගේ සිරුරු රැගෙන යාම සඳහා ඒ අවස්ථාවේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණත් නිලධාරීන් දුටු විගස ඔවුන් පැමිණි යතුරු පැදියද එහි දමා පළාගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද මේ වන විට පියවර ගෙන තිබේ.

