රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාගේ 2020 ජනාධිපති සිහිනයේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වූ “වියත්මඟ” මේ වන විපත් මඟක් බවට පත්වෙමින් තිබෙන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
ගෝඨාභය රාජපක්ෂ වටා සිටින පිරිස මේ වන විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදී යමින් පවතින අතර වියත් මඟට සම්බන්ධව සිටි මේ වන විට කුජීතව සිටින කමල් ගුණරත්න නොහොත් ‘මිස්ටර් නන්දිකඩාල්’ යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ඔහු නව සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ. ජනාධිපති ලේකම් සිහිනය දකිමින් නාලක ගොඩහේවා විසින් නිර්මාණය කරන ලදුව ගෝඨාගේ වියැකී ගිය “වියත් මඟ” වෙනුවට “හරි මඟ” ලෙස නව සංවිධානයක් ගොඩනැඟීමට කමල් ගුණරත්න මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින අතර ඊට අවශ්‍ය කාර්යාලයක් සහ සියලු පහසුකම් ගෝඨාභය විසින් ලබාදීමට එකඟ වී ඇත.
ඒ අනුව මේ වන විට කමල් ගුණරත්න, ඉතා සූක්ෂමව නාලක ගොඩහේවාගේ පිරිස් ඇතුළු වියත් මඟට සම්බන්ධ පිරිස් කඩා ගනිමින් තමන්ගේ “හරිමඟ” එක් කරගැනීමේ කාර්යයේ දිව රෑ නොබලා කටයුතු කරමින් සිටින බවට ගෝඨාභය රාජපක්ෂගේ අහ්‍යන්තර තොරතුරු සේවා වාර්තා කරයි.