හදිසියේ TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු වෙනත් අරමුණක් නෑලු – TRC
- RSL
- June 7, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- TNL, TRC
- 0 Comments
ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගෙන නොමැති බවත්, මෙම නීතිවිරෝධි විකාශන නවත්වන ලෙසට 2016.04.27 දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී තිබුණද එම නියෝගය එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බවත් 2016දී යැවූ ලිපියට 2018දී ක්‍රියාත්මක වීම තුල වෙනත් කිසිඳු අරමුණක් නොමැති බවත් ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එමෙන්ම TNL ආයතනය විසින් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය මඟින් විදුලි සංදේශ පනතේ අංක 22 වගන්ති උල්ලංඝනය වන පරිදි අනෙකුත් බලපත්‍ර ලබා දි ඇති රජයේ විකාශනයන්ට බාධා වන පරිදි වරින් වර දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත උල්ලංඝනය කරමින් නීතිය නොසලකා හැර කටයුතු කිරීම හේතු කොට ගෙන සිදු වුවක් වන අතර මෙම ක්‍රියාදාමය තුළ කිසිදු වෙනත් අමුණක් නොමැති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.


