615 වැනි නැණසල මධ්‍යස්ථානය කිලිනොච්චිය නගරයේදී
- RSL
- August 21, 2011
- Uncategorized
- 0 Comments
615 වැනි නැණසල මධ්‍යස්ථානය පසුගියදා කිලිනොච්චිය නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලද බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
උතුරු පළාතේ ස්ථාපිත කරන ලද දොළොස් වන නැණසල මධ්‍යස්ථානය මෙය වේ. එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක් ව සිටියේ ය.
උතුරු නැඟෙනහිර ජනතාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් මෙන් ම එම දැනුම ලබා දීම තව දුරටත් පුළුල් කිරීමට මෙමගින් හැකිවෙනු ඇතැයි නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.