රනිල්ට එරෙහි විශ්වාසභංගයට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඒකමතික තීන්දුවක්
- RSL
- March 29, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Ranil Wickeramasinghe, United National Party
- 0 Comments
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකුද විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව කෘත්‍යාධිකාරී මණ්ඩ රැස්වීමේදී අනාවරණය විය.
විශ්වාසභංගය ජයගත් පසුව අප්‍රේල් 05 වැනිදා සිට දින තුන හතරක් ඇතුලත පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදු කිරීමටද මෙහිදී තීරණය විය. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මෙම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

