මස්කෙළියේදී මන්ත්‍රීවරියකට අතවර..!
- RSL
- March 28, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරිමට ප‍්‍රථම අද(28) උදෑසන එහි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබේ. එම නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට හැටන් කැරලි මර්දන ඒකකය ද කැඳවිමට පොලීසියට සිදු වී ඇති බවට වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොට ගෙන එය ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතිකපක්ෂයේ පලනි දිගම්බරම් මහතාගේ ආධාරකරුවන් විසින් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
පවත්නා තත්ත්වය හමුවේ එම සභාපතිවරයා තේරීම් ශාලාවට දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා ඇත.

