වැරදිකරුවන්ට දඬුවම් දීමට පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමට සුදානම් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (Video)
- RSL
- March 26, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා, මතවාද
- Field Marshal Sarath Fonseka, sarath fonseka
- 0 Comments
වත්මන් පාලකයින් දූෂිත, මිනීමරු වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බවත්, එයට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිව යුතු බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩිව අවධාරණය කර සිටී.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් ඇතැම් අය මහින්ද පාලනයක් නැවත ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පසුගිය වසර 3 පුරාම එය ඉටු කළ බවත් සඳහන් කළ ඇමතිවරයා නායකයන් ඒවා සම්බන්ධයෙන් තීරණ නොගන්නා බවත් පැවසීය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය ලබාදෙන ලෙසට යහපාලනයට ලැදි අතිබහුතර ජනමතයක් ගොඩනැගී තිබුණද, වත්මන් ඩීල් දේශපාලනය හේතුවෙන් එය ඔහුට නොදී මඟ හැරි බව ප්‍රසිද්ධ රහසකි.

