නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඊයේ (21 වැනිදා) ඉල්ලා අස් වී ඇත.
හෙතෙම තම ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.
ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූයේ තමන් බුලත්සිංහල ජනතාවට පසුගිය කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල සහ මදුරාවල යන ප්‍රාදේශීය සභා පරාජයට පත්වීම සහ සිය පාක්ෂිකයකු වෙනුවෙන් බුලත්සිංහල පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමීමට පැය තුනකට අධික කාලයක් බලා සිටීමට සිදු වූ බැවින් බව හෙතෙම පවසයි.
එබැවින් තවදුරටත් බුලත්සිංහල ආසන සංවිධායක ලෙස කටයුතු කිරීමට නොහැකි බැවින් තමා එම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වුව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සිය සහයෝගය ලබාදෙන බව ද පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.