2017 දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා නැතිබව කියයි
- RSL
- February 22, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- transparency international sri lanka
- 0 Comments
2017 දූෂණ දර්ශකයේ සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.
එම ආයතනය මගින් 2017 වර්ෂයේ දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට 91 වන ස්ථානය හිමිව තිබෙන අතර පෙර වර්ෂයේ ශ්‍රී ලංකාව 95 වන ස්ථානයේ පසුවුවද ඔවුන් 2017 වසරේදී ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණයි.
එම අගය 2014 වසරේ පැවති අගයට සමාන වන බව වාර්තා වේ.
දූෂණය අවම රට වශයෙන් නවසීලන්තය පත්ව ඇති අතර ඩෙන්මාර්කය දෙවන ස්ථානයටත්, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය තෙවන ස්ථානයටත් සිංගප්පූරුව සහ ස්වීඩනය සිව් වන ස්ථානයටත් පත්ව තිබේ.
සිරියාව, දකුනු සූඩානය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, යේමනය යන රටවල් දූෂිතම රටවල් ලෙසටයි සැලකෙන්නේ.

