ලසන්ත ඝාතනය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගෙන් රහසිගත ප්‍රකාශයක්
- RSL
- February 22, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Lasantha Wickramathunga
- 0 Comments
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් සිදු කර තිබේ.
අද අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඊයේ(21) මහේස්ත්‍රාත් නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි. ඔහු ස්වේච්ඡාවෙන්ම මෙම ප්‍රකාශය සිදුකරන බව හේමන්ත අධිකාරි මහතා මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබේ.
පැය 3 කට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව සඳහන් වෙයි. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන පරීක්ෂණවලට අදාළ ලිපි ගොණුවල පිටු කිහිපයක් ඉවත් කර ඇත්තේ ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ බවට රහස් පොලිසිය පසුගියදා අධිකරනයට කරුණු වාර්තා කර තිබුණි.

