බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේද්‍රන් මාර්තු 8 ට පෙර නාවොත් වැඩ වරදී
- RSL
- February 16, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, විමර්ශන
- Arjun Mahendran, Bond Scammer
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.
මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් තම පියාණන් දැනුම්වත් වී සිටි බව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ දියණිය අංජලී මහේන්ද්‍රන් සීඅයිඩියට ප්‍රකාශ කර ඇතැයි සීඅයිඩිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝඳාගොඩ මහතා අද (16) අධිකරණයට දන්වා සිටියේය. ඒ මහතා මේ බව දන්වා සිටියේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15වැනිදාට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිටින ලෙසට ලබාදුන් නියෝගය අන්තර්ජාතික පොලිසියේ සිංගප්පුරු ශාඛාව වෙත ලබාදීමට නොහැකි වී ඇතැයි සීඅයිඩිය මෙහිදි අධිකරණයට දැනුම් දුන්නේය.

