අගමැති විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත් ඡන්දය කල්යයි
- RSL
- January 28, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Election
- 0 Comments
අග්‍රාමාත්‍යවරයා විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ.
අප කළ විමසීමේදී එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ බව දැනුම් දුන්නේ ය.
අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති ජන හමුවකදී පැවසූවේ තමන් පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායකවරයාට දැනුම් දුන් බවයි.
තවදුරටත් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යරයා එහිදී සඳහන් කළේ, ඊට අදාළ ලිපිය හෙට දිනයේ යොමු කරන බවයි.
අග්‍රාමාත්‍යවරයා යම්කිසි හෙයකින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැඳවුවහොත් පළාත් පාලන මැතිවරණය කල් දමා පෙබරවාරි 12 වන දා හෝ ඊට පසු දිනක පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන බව කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසා තිබේ.

