රටට රු.මිලියන 11,145කට අධික මුදලක් අහිමි කළ බැඳුම්කර කොල්ලය ගැන CID විමර්ශන ඇරැඹේ
- RSL
- January 25, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Bond scam, Bond Scam Report
- 0 Comments
ඉතිහාසයේ සිදුවූ විශාලතම වංචාව ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මුල සිටම ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සියලුම දේශපාලනඥයන් මෙන්ම රාජ්ය නිලධාරීන්ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්රශ්න කිරීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග පැවැසුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවත් එම වාර්තාව ඔස්සේ මෙම වංචාව සම්බන්ධයෙන් මුල සිටම පුළුල් විමර්ශනයක් නැවත ක්රියාත්මක වන බවත්ය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් පිරිසක් යෙදවීමටද කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

