ජනපතිගේ නියෝගයට ගරු කරමින් ඌව මහ ඇමති පොලීසියට බාරවෙයි
- RSL
- January 23, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
විදුහල්පතිනියක දණ ගැස්වූ බවට චෝදනා එල්ල වී ඇති ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පොලිස් ස්ථානය වෙත බාරවී තිබේ.
අද(23) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල පොලිස් ස්ථානය වෙත බාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
බදුල්ල ප්‍රදේශයේ දෙමළ බාලිකා පාසලක විදුහල්පතිනියක සිය නිල නිවසට කැඳවා දණ ගැස්වූ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පසුගියදා චෝදනා එල්ල වුණි.
මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක අතර ඒ අතර අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.
අද දිනයේ පොලිසියට බාර වූ ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

