ආණ්ඩුවේ ශ්‍රීලනිප ප්‍රබලයින් 05ක් ලඟදීම ඒකාබද්ධයට!
- RSL
- November 14, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- Joint Opposition, SLFP
- 0 Comments
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේඅ ප්‍රබල මැති ඇමැතිවරුන් පස් දෙනකු ඉදිරි සති කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමත් සමඟම ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් හා එක් රාජ්‍ය ඇමැතිවරයෙක් ඒ අතර වෙති.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවස්‌ථා හතරකදී මෙම ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පවසයි.
ඉවත්වීමට නියමිත මෙම ඇමැතිවරුන්ගෙන් තිදෙනකුම ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂය සමගි කිරීමට දැඩිසේ කැප වූ අය වන අතර එම උත්සාහය අසාර්ථක වීම නිසා මේ වන විට දැඩි කලකිරීමට පත්ව සිටින බවද හෙතෙම කීය.

