ජිවිතයට සතුට ගෙනෙන අයින්ස්ටයින්ගේ උපදේශ ඉහල ලංසුවකට අලෙවි වෙයි.

Spread the love

ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය.

1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා දී ඇත්තේ ඉහත කී කෙටි සටහනයි.

ඒ වන විට තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව අයින්ස්ටයින්ට අසන්නට ලැබුණා පමණි.

තමා වෙත පැමිණි පණිවුඩකරුට අයින්ස්ටයින් පවසා ඇත්තේ ඔහු වාසනාවන්තයෙකු නම් යම් දිනක එම සටහනට වටිනාකමක් ලැබෙනු ඇති බවය.

දීර්ඝ කලක් සිහින දුටු ඉලක්කයක් වෙත ළඟා වීමෙන්ම සතුට ළඟා නොවන බව ඔහු සිය සටහන මගින් අදහස් කර ඇත.

ජර්මනියේ උපත ලද ඇල්බට් අයින්ස්ටයින් දේශන සඳහා ජපානයේ සංචාරයක නිරතව සිටියේය.

ලියුමක් භාර දීම සඳහා සිය කාමරය වෙත පැමිණි පණිවුඩකරුට ලබා දීමට ඔහු අත මුදල් නොවීය.

ඒ වෙනුවට ජර්මන් බසින් ලියන ලද තනි වාක්‍යයක් සහිත සිය අත්සනින් යුතු සටහනක් ඔහු පණිවුඩකරුට ලබා දී ඇත.

අයින්ස්ටයින් විසින් එම සටහන තබනු ලැබ ඇත්තේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ ලිපි ද්‍රව්‍ය භාවිත කරමිනි.

“සාර්ථකත්වය හඹා යාමත් ඒ සමග ඇති වන නිරන්තර වෙහෙසකාරීත්වයටත් වඩා , සන්සුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත” යනුවෙන් එම සටහනේ දැක්වේ.

Gal Winner, owner and manager of the Winner's auction house in Jerusalem, displays two notes written by Albert Einstein, in 1922, on hotel stationary from the Imperial Hotel in Tokyo (22 October 2017)

ඒ මොහොතේ අයින්ස්ටයින් තබා ඇති තවත් සටහනක දැක්වෙන්නේ “අධිෂ්ඨානය ඇත්නම් මගකුත් තිබේවි” යනුවෙනි.

එම දෙවෙනි සටහන ඇමරිකානු ඩොලර් 240,000 අලෙවි වූ බව විනර්ස් වෙන්දේසි සමාගම පැවසීය.

ඇස්තමේන්තු මුදලට වඩා ඉතාමත් වැඩි ලංසු මුදලක් සටහන් දෙකටම ලැබුණු බවත් වෙන්දේසි සමාගම සඳහන් කළේය.

ඔවුන් පවසන පරිදි සටහන් අතරින් එකක් මිලට ගෙන ඇත්තේ නම හෙළි කිරීමට අකමැති යුරෝපීයයෙකි.

අලෙවිකරු අයින්ස්ටයින් වෙත පැමිණි පණිවුඩකරුවාගේ බෑණනුවෙකු බව වාර්තා වේ.

Grey line

ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ උපදේශ

Grey line

අප විසින් ගැටලුව නිර්මාණය කරන ලද අවස්ථාවේ පැවති චින්තන රටාව අනුව යමින් අපට එම ගැටලුවට විසඳුම් දිය නොහැක

බුද්ධිය පිළිබඳ සැබෑ සංඥාව දැනුම නොවේ, පරිකල්පනයයි

ස්වභාවධර්මය විසින් අප වෙත හෙළි කරන ලද දේ වලින් අප තවමත් සියයට එකකින් දාහකින් එකක්වත් දන්නේ නැහැ

ඔබ කදිම ගැහැණු ළමයෙකුට ආලය කරන විට පැයකුත් දැනෙන්නේ තත්ත්පරයක් වගේ. රතු ගිනි අඟුරක් උඩ තත්පරයක් ඉඳ ගත්තොත් ඔබට දැනෙන්නේ පැයක් වගේ. එයයි සාපෙක්ෂතාව

 

Related Posts