රටම කතාවෙන සෙනසුරු මාරුවෙන් ඔබට සිදුවෙන දේ මෙන්න.

Spread the love

ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන සෑමදෙනාම වර්ෂ 2017 ඔක්තෝම්බර් මාසේ 26 වන බ්‍රහස්පතින්දා දින සවස 3 පසුවී විනාඩි 31 සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසීම ගැනත්, එම රාශියේ සෙනසුරු ග්‍රහයා තමාට කුමන බලපෑමක් කරාවිද යනු ඒ බලපාන අගුණ සඳහා කළයුතු වත්පිළිවෙත් ඔබට ඉතාම පහසුවෙන් කරගැනීමට හැකිවන ලෙස මේ මගින් ඉදිරිපත් කරන අතර සමහර ජන්මීන්ට සෙනසුරුග් ඒරාෂ්ඨක අපලය මගින් කිසිම කරදරයක් නොවීම ද සිදුවන අතර, තමා කළ පෙර කුසල අකුසල කර්ම ඊට හේතු වන බව දැනුවත් වී කටයුතු කිරීමෙන් හා නිතරම පිං දහම්වල යෙදීම අසරණ දුකට පත් අයට පිහිටවීම නිතරම බෝධි පූජාවන් තබා විෂ්ණු දෙවියන්ට පිංදීම කළ යුතු වේ. සෙනසුරු ග්‍රහයා ධනු රාශියෙන් මිදීම වර්ෂ 2020 ජනවාරි මාසයේ 25 දින සිදු වෙයි.

ඔබගේ උපන් කේන්ද්‍රය තුළ සෙනසුරු බලවත්වීම මත බොහෝ අගුණ සමනය වී ශුභඵල උදා කරයි. උපන් කේන්ද්‍රය තුළ සඳුගේ පිහිටීම අනුව ගෙවී යන ඒරාෂ්ඨක අපලයක් නැවත උදාවීමට ද පුළුවන් බැවින් සඳුගේ පිහිටීම ගැන බලා පිං දහම්වලට යෙදීම හා බලගතු ශාන්තිකර්ම සිදුකර ගැනීම කළයුතු වේ.

රටට ද ශුභදායක කාලයක් උදාවන අතර ඉගෙන ගන්නා දරුවන්ට යහපත් වන බැවින් උත්සාහවන්තව ඉගෙනීම් කටයුතු කර ජය ලබා ගන්න. යහපත් වෙළඳාම් රැකියා කරන අයට දියුණුවට මාර්ග සැලසේ. සිතුම් පැතුම් ඉටුවේ. සමාජසේවා කටයුතු කරන රටට ශුභදායක දේ කරන සැමටම දේව ආශිර්වාද ලැබෙන කාලයක් ද වෙයි.

මේෂ ලග්නය

තිබුණ කරදර ටික ටික ඉවත් වෙයි.

දැනට ඔබගේ කේන්ද්‍රය තුළ අටවැන්නේ ගමන් කරන සෙනසුරු ග්‍රහයා නවවන භාවය හෙවත් ධනු රාශියට පිවිසීම ඔබට තිබුන කරදර බාධා ටික ටික අඩුවී යනු ඇත. ඔබට තිබුණ අලස බව කම්මැලි බව, තුනටියේ හා මුත්‍රාවල දෝෂ ටික ටික අඩුවී යන අතර විදේශගත වීමට බලාපොරොත්තු වන අයට ඒවා ඉටුවන තත්ත්වය උදාවෙයි. තමාට ද පිනට දහමට වෙනදාට වඩා උනන්දුව ඇතිවේ. ශුභදශාවක් ලබා ඇති නම් දියුණුව ලබාදේ. ඔබ නිතරම බෝධි පූජාවන් තබා විෂ්ණු දෙවියන්ට නිල් මල් , කහමල් පූජා කරන්න. එළඟි තෙල් පහන් 7 ක් දල්වා විෂ්ණු දෙවියන්ට පිං දෙන්න. කතරගම දෙවියන්ට රතුමල්, රතු නෙළුම් මල් පූජාකර පිං දෙන්න. විෂ්ණු හා කතරගම දෙවියන්ට පූජා තබන්න.

වෘෂභ ලග්නය

ධනහානි අනතුරු විපත් සමඟ රෝගීවීම්

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරු ග්‍රහයා අටවැන්නට පැමිණීම සිදුවෙයි. නමුත් ඔබට එකවරම බියවීමට අවශ්‍ය නැත. එනම් සෙනසුරු ඔබගේ කේන්ද්‍රයට අනුව භාග්‍යස්ථානාධිපති හා යෝගකාරක ග්‍රහයා ද වන බැවින් ඔබට උදාවන අෂ්ඨම නම් දරුණුම ඒරාෂ්ඨකය ගැන වඩා බිය විය යුතු නැති බැවින් නිතරම පිංදහම්වල යෙදීම හා සතුන්ට පවා අනුකම්පාව දක්වාලීම ශුභ වේ. නමුත් ඔබට අශුභ ග්‍රහ මහ දශා අන්තර් දශා ලබා ඇති නම් කරදර විපත් ධනහානි ණයට දුන්න දේ ගන්න බැරිවීම හා රැකියා ස්ථානවල කරදර හිතට දුක බලපානු ඇත. මේ සඳහා බෝධියට උදේට කිරිබත් පාත්‍ර 7 ක් පූජා කරන්න. විෂ්ණු දෙවියන්ට නිල්මල් වට්ටි 3 ක් පූජා කර එළඟිතෙල් පහන් 7 ක් දල්වා පිං දෙන්න. මහලු දුගී අසරණ අයට කෑම දෙන්න. සෙනසුරාදා දින උදේ 6 ට කිරිබත්වලට එළඟිතෙල් දමා කපුටු දානය දෙන්න.

සෑම පෝය දිනකම සිල් සමාදන්වීමට බලන්න. සිල් ගන්නා අයට දාන දීම, සිල් රෙදි දීම, විෂ්ණු දෙවියන්ට පූජා තබා නිල්මල් පූජා කර පිං දෙන්න.

මිථුන ලග්නය

හවුලේ කරන දේට බාධා වීම

මිථුන ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයේ 7 වන භාවයට පැමිණීම සිදුවෙයි. සෙනසුරු ග්‍රහයාට ඔබගේ කේන්ද්‍රය තුළ 8, 9 භාවයන් අධිපතිකම දරන බැවින් ගුණ අගුණ මිශ්‍රඵල උදා කරයි. නමුත් හවුලේ කරනදේට බාධාවීම් මතුවෙයි. වැඩි විශ්වාසය තබා ඔබ කරන දේට අවුල් තත්ත්වයක් මතු වෙයි. හිතවත් අය අමනාපවීම් මුදල් නාස්තිවීම් හා පවුලේ සමගියට ද බාධාවීම් මතුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. පවුලේ ප්‍රශ්න නිසා නීතිමය තත්ත්වයන් ද මතුවීමට බලන බැවින් ඔබ නිතරම බෝධි මළුව අතුගෑම් කර මල් ආසන පවිත්‍ර කර බෝධි පූජාව සවස තබන විට ගිලන් පස තැබීම හා මහා සංඝරත්නයට ද ගිලන් පස පිළිගැන්වීම කරන්න.

බෝධි පූජාව දින 14 ක් තබා ගැනීම හා විෂ්ණු දෙවියන්ට පූජා තබා සෙත් කවි කීමත් ශුභ වේ.

කටක ලග්නය

සතුරන් ඇති වෙන හා නැතිවෙන කාලයක් වනු ඇත.

කටක ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ හයවන භාවයට එයි. රහස් සතුරු කරදර මතුවීමට බලයි. බඬේ ආමාශගත රෝග හා තුනටියේ අමාරු මතුවීමට ඇත. ආහාර ගැන වැඩි ප්‍රවේශම් වන්න. අධික උෂ්ණ ආහාර හා සැර බීම වර්ග ද අගුණ වෙයි. කේන්ද්‍රය තුළ ශුභ දශාවක් නම් විදේශගත වීම් හා සතුරන් පරාජය කර ජය ගැනීමට පුළුවන් වනු ඇත. නමුත් නිතරම බඬේ රෝග ගැන අවධානයෙන් ඉන්න. බෝධි පූජා තබා ගන්න. බෝධියට උදේට කිරිබත් පාත්‍ර 3 පූජා කරන්න. මහලු දුගී අයට පිනට දෙන්න. කපුටු දානය දෙන්න. ඔබ උපතින්ම ගුණවන්ත බැවින් අසරණ අයට පිහිටි සතුටු වන ගමන් පිනක් ද, ලබා ගන්න. එවිට අපල අඩුවී සෙත උදාවෙයි.

සිංහ ලග්නය

උත්සාහය සහ උනන්දුව තුළින් අධ්‍යාපනයේ කැපී පෙනෙන දියුණුවක්

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරු ග්‍රහයා පස්වන භාවයට පැමිණීම සිදුවෙයි. පස්වැන්න විදයා ස්ථානය බැවින් හා දරුඵල ගැන කියන ස්ථානය බැවින් ඔබට දරුඵල වලට බාධාවීම් මතුවීමට ඉඩ ඇත. ඉගෙනීම් ජය වැඩි උත්සාහය මත සිදුවේ.

ශුභ දශාවක් ලබා ඇතිනම් බොහෝ ශුභ වේ. ඉගෙනීම යහපත ධනය ලබාදෙයි. දරුඵල ඇති වේ. ශුභ තත්ත්වය උදා කරයි. නමුත් අශුභ දශාවක් ඇති නම් අගුණ ගෙන දෙයි. ප්‍රේම සම්බන්ධතාවලට බාධාවීම්, විවාහයට බාධාවීම්, හිත කළ කිරීම්, ඉගෙනීමේ බාධා මතුවීමට ඇත. ඉවසීමෙන් කටයුතු කරන ගමන් නිතරම බෝධි පූජාවන් තබා ගැනීම බෝධියට සුදු නෙළුම් මල් 07 ක් පූජා කර විෂ්ණු හා සුමන සමන් දෙවිට පිංදීම. ඊශ්වර දෙවියන්ට තල තෙල් පහන් 7 ක් දල්වා පිංදීම.

කන්‍යා ලග්නය

ස්ථාන දියුණුව සමඟ බාධාවීම් කරදර ද මතුවේ.

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා 4 වන භාවයට පැමිණීම ඔබට ගුණ අගුණ මිශ්‍රඵල උදා කරයි. ගෙදර දොර දියුණුව සඳහා කරන දේට උනන්දු වේ. වාහන මිලදී ගැනීමට සිතේ. ගෙදර අලුත් වැඩියා කටයුතු මෙන්ම දානමය පුණ්‍ය ක්‍රියාවලට ගෙදර සැම උනන්දු කිරීමට ඔබ උත්සාහවන්ත වෙයි. නමුත් ඉඩම් වල ප්‍රශ්න ද මතුවීමට ඇත. ශුභ දශාවක් නම් ශුභඵල උදා කරන අතර අශුභ දශා කාලයක් ලබා ඇති නම් ගෙදර ප්‍රශ්න මතු වේ. හිතේ සතුට අඩුවේ.

පපුවේ බඬේ රෝගවලට හෘද රෝගවලට හේතුයි. නිතරම මෛත්‍රී භාවනාව කරන්න. බෝධි පූජාව දින 14 තබාගෙන සෑම දිනම විෂ්ණු දෙවියන්ට නිල්මල් වට්ටියක් පූජා කර එළඟිතෙල් පහන් 3 ක් දල්වා පිං දෙන්න.
මහලු දුගී අසරණ අයට කෑම හා ඇඳුම් දෙන්න. නිවස තුළ නිතරම පිරිත් කීම හා පුණ්‍ය ක්‍රියාවන්ට යොමු වීම වාසනාව ලබාදෙයි.

තුලා ලග්නය

වසර හතක මාරක ඒරාෂ්ටක අපල කාලය නිම වෙයි.

තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය තුළ තුන්වන භාවයට සෙනසුරු පැමිණීම ගුණ අගුණ මිශ්‍ර කරයි. සහෝදර සහෝදරියන් සමඟ මතභේද මතුවීමට බලපාන බැවින් කල්පනාකාරී වීම, හැකි හැමවිටම නෑදෑයන්ට හා සහෝදරයින්ට හොඳින් සැලකීම කරන ගමන් ඔවුන්ගේ කපටිකම් වලටද ඔබ අසුවීමට ඇති බැවින් ප්‍රවේශම් වන්න. නමුත් නිතරම එම අයට උදව් කරන්න. දුක සැප බලන්න. තම යුතුකම් ඉටු කරන්න. මානසික අසහන මතුවන කාලය බැවින් හිතට දුකදීමත් සිදුවේ. නමුත් ශුභදශා කාලයක් ලබා ඇති නම් දියුණුව වාසනාව ලබාදේ. නිතරම බෝධි පූජා තබා ගන්න. ගණදෙවියන්ට හා විෂ්ණු දෙවියන්ට පූජා තබන්න. මහලු දුගී අයට කෑම දෙන්න. කුරුල්ලන්ට කෑම දෙන්න. වතුර බීමට තබන්න. එම පිං බලයෙන් ඔබට යහපත උදාවෙයි.

වෘශ්චික ලග්නය

දෙන දෙයියෝ ළඟටම ගෙනත් දී නැවත අරගෙන යන තත්ත්වයක්

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය තුළ සෙනසුරු ග්‍රහයා දෙවැන්න (2) වන ධනු රාශියට පැමිණීම ඔබට ලග්න ගත ඒරාෂ්ඨක අපලයක් උදා කරයි. ලග්නගත ඒරාෂ්ඨක අපලය අවසන් අදියර උදාවෙයි. තවත් අවුරුදු දෙකකට වැඩි කාලයක් ඒරාෂ්ඨක අපලය මගින් පීඩා විඳීමට සිදු වෙයි.

නමුත් ශුභ දශාවක් ලබා ඇති නම් ධනය ලබාදේ. නැතිනම් තිබෙන ධනයත් විනාශ වෙයි. ණය වීමට බලයි. රන්භාණ්ඩ උකස් වේ. ඒවා නැතිවීමට ඇත. රෝහල් ගතවීම් පවා ඇතිවේ. ප්‍රවේශම් වන්න. කතාව නිසා අන් අය අමනාපවීමට ඇත. ප්‍රවේශම්ව කතා කිරීමට වගබලා ගන්න.

ලැබෙන මුදල් වියදම් වන තත්ත්වය වැඩිවේ. ණයවීමට කරුණු උදාවේ. අනතුරු ඇතිවේ. සතුරු කරදර හා ගෙදර පවුලේ ප්‍රශ්න මතුවීම ඇතිවේ. තරමක් ප්‍රබල ශාන්ති ක්‍රම කළ යුතුවේ. විෂ්ණු හා කතරගම දෙවියන්ට පූජා තබන්න. බෝධි පූජාව උදේ හා සවස තබන්න. බෝධියට රතුමල් හා කහමල් පූජා කරන්න. අසරණ දුගී අයට කෑම හා ඇඳුම් දෙන්න. නීති ප්‍රශ්න පවා මතුවීමට බලන කාලයයි. හැකි පමණ පිංදහම්වල යෙදීම ශුභ වේ.

ධනු ලග්නය

ඉක්මන්වීම තුළින් ඔළුව අවුල්ව ප්‍රශ්න වැඩිකර ගනී.

ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයට සෙනසුරු ලග්නයට පැමිණීම සිදුවෙයි. ලග්නය යනු ඔබගේ හිස ප්‍රදේශය නියෝජනය කරන බැවින් හැමවිටම කල්පනාවෙන් කටයුතු කරන්න. ප්‍රශ්න එක පිට එක ඒමට බලන කාලයක් වෙයි. කල්පනා කරයි. කරන වැඩවලට බාධා මතුවේ. ඉගෙන ගන්නා අයටත් බාධා පැමිණේ. තමාගේ වැඩ අතපසු වීම් සිදුවේ. නිකරුණේ දෝෂාරෝපණ ඇසීමට ලැබේ. හිත කළකිරීම් හා දෙවියන් පවා එපා වෙන කාලයක් වෙයි. නමුත් ශුභ ග්‍රහ දශාවක් ලබා ඇති නම් මේ තත්ත්වය වෙනස්වී දියුණුව වාසනාව ඉගෙනීම පවා ලබාදේ.

හිතවත්ම අය අමනාප වෙන බැවින් නිතරම පිංදහම්වල යෙදීම. බෝධි පූජාව තබන විට බෝධිය ළඟ බෞද්ධ කොඩි 7 ක් එල්ලීම. කහ මල් වට්ටි 7 ක් කතරගම දෙවියන්ට පූජා කිරීම. නිල්මල් වට්ටි 7 ක් විෂ්ණු දෙවියන්ට පූජා කර එළඟිතෙල් පහන් 7 ක් දල්වා පිංදීම. සෙනසුරාදා උදේ 6 ට කිරිබත් එළඟි තෙල් දමා කපුටු දානය දීම. මහලු දුගී අයට කෑමදීම. සිල් ගන්නා අයට උපස්ථාන කිරීම. ධනු ලග්නය හිමි අයට තව අවුරුදු පහක් පමණ ලග්න ගත ඒරාෂ්ඨකය පවතියි.

මකර ලග්නය

නීති ප්‍රශ්න හා වියදම් පිට වියදම් මතුවීම

මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 12 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. මකර ලග්න ඔබට නිතරම බාධා කරදර මතුවේ. සුළුවෙන් වියදම් කරන දේට උවත් වැඩි වියදම් කිරීම් සිදුවෙයි. අතමිට මුදල් හිඟවීම් මතුවේ. ආදායමට වඩා වියදම් වැඩිවේ. විදේශගතවීම්වලට බාධාවීම් මතුවේ. පවුලේ හෝ හිතවත් මිතුරන් නිසා නීති ප්‍රශ්නවලට මැදිවීමට සිදුවේ.

ලග්න ගත සෙනුරුගේ ඒරාෂ්ඨක කාලය උදාවීම මගින් කරදර ටික ටික මතුවීමට බලයි. හිතට දුක් පීඩා ගෙන දෙයි. ඔබව රැවටීමට බලන අය මතුවේ. හොඳට සිතා බලා කටයුතු කළ යුතුවේ. ශුභ දශාවක් නම් තත්ත්වය වෙනස් වී ගුණ දෙයි. විදේශගතවීම් ඉක්මන් වෙයි. යහපතට ඔබ නිතරම බෝධි පූජා තබා අසරණ වුණ රෝගීන්ට උපස්ථාන කිරීම බේත් ලබාදීමට උනන්දුවීම, තුවාල වුණ සතුන්ට ප්‍රතිකාර කිරීම. විෂ්ණු දෙවියන්ට එළඟිතෙල් පහන් 21 දල්වා පිංදීම. මහලු දුගී අයට කෑම රැගෙන දීම මගින් යම් සහනයක් උදා වනු ඇත.

කුම්භ ලග්නය

පොළොවෙන් සම්පත් හා ධන ආර්ථික වාසි

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 11 වන භාවයට සෙනසුරුගේ පැමිණීම අනුව රැකියාවේ වෙනස්කම් ආදායම් මාර්ගවල වෙනස්කම් මතුවේ. පොළොවෙන් සම්පත් වාසි මතුවෙන කාලය බැවින් වගා කටයුතු හා පතල් කටයුතු කරන අයට තරමක් ශුභ වේ. තමා නොසිතන ධනයක් ලැබීමට ඇත. වෙළඳාම් ව්‍යාපාරවලින් ද වාසි ලබාදේ. ඔබගේ ලග්නාධිපති හා 12 වන භාවය සෙනසුරු හිමිවීම මත ලැබීම වගේම වියදම් තත්ත්වය ද ඉහළ යනු ඇත. මනස අවුල් කර විදේශගතවීමට උනන්දුව ඇතිවේ. ඔබට රාහු මහ දශාව ලබා ඇත්නම් විදේශගත වීම් ඉක්මන් වෙයි. පවුලේ ප්‍රශ්න මතුවේ. පවුලේ කරන දේට බාධා මතුවෙයි. අශුභ ග්‍රහ දශාවක් ලබා ඇති නම් අගුණ ගෙන දෙයි. ශුභ දශාවක් ලබා ඇත්නම් ශුභඵල උදාවීම ඇතිවේ. මානසික සුවය හා වගා කටයුතු වලින් ද වාසි අත්වේ. නිතරම පිං දහම්වල යෙදීම හා බෝධි පූජාව දින 14 තබා ගන්න. මහලු දුප්පත් අයට පිනට දෙන්න. භාවනායෝගී අයට දාන දෙන්න. විෂ්ණු හා කතරගම දෙවියන්ට පූජා තබන්න. එළඟිතෙල් පහන් 14 විෂ්ණු දෙවිට දල්වන්න. නිල්මල් වට්ටි 7 පූජා කර පිං දෙන්න. බෝධි මළුව අතුගෑම කරන්න.

මීන ලග්නය

රැකියා වෙනස්වීම් හා රැකියා ලාභ

මීණ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ දශ වැන්නට සෙනසුරු පැමිණෙයි. රැකියා වෙනස්වීම් හා ආදායම් මාර්ගවල වෙනස්වීම් හා වැඩි මහන්සියක් ගෙන වෙනදාට වඩා රැකියාවේ නිරතවීමට කරුණු උදාවීම. බ්‍රහස්පති මහා දශාව ලබා ඇති නම් මංගල යෝග උදාවෙයි. ඉගෙන ගන්නා අයට ද ශුභ වෙයි. අශුභ දශාවක් ලබා ඇත්නම් රැකියාවේ කරදර මතුවේ. හිතට දුක දෙයි. මුදල් නාස්තිවීම් ඇතිවේ. කේන්ද්‍රය තුළ සෙනසුරු බලවත්වී ඔබ උපත ලබා ඇත්නම් ඔබට දියුණුව ලබාදේ. නොයෙකුත් මාර්ග මගින් ආදායම් සෙවීමට බලයි. ඒවා සාර්ථක වීමට ඇත. නමුත් යහපත් දේවලින් ඔබ හම්බ කරන දේ පිනට දහමට යොදවන්න. නිතරම බෝධි පූජා තබන්න. බෝධි මළුව අතුගෑම කර මල් ආසන පිරිසිදු කරන්න. විෂ්ණු දෙවියන්ට සෙත්කවි කීම හා පූජා තබා එළඟි තෙල් පහන් 14 ක් දල්වා පිං දෙන්න. කතරගම දෙවියන්ට පූජා තබන්න. සෙනසුරාදා දිනවල උදේ 6 ට කිරිබත්වලට එළඟිතෙල් දමා කපුටු දානය දෙන්න. යහපත් වෙයි.

Related Posts